දැන් සිංහලෙන් ටයිප් කරන්න හරි ලේසියි. ටයිපින් බැරි අයට මෙන්න ලේසිම් විදිහ. Type is much easier in Sinhala


ගොඩක් අය සිංහලෙන් ටයිප් කරන්න හරි කම්මැලී. මොකද ඒ සඳහා හොඳ පුහුණුවක් නැති අයෙකුට ඒක ඉතාමත් අපහසු දෙයක් වගේම වෙලා යන වැඩක් නිසා. කීබෝඩ් එකේ යුනිකෝන් හොය හොය ටයිප් කරන එක එපාවෙන වැඩක් සමහර අයටනම්. ඒත් පුරුදු අයටනම් ඒක ඉතාමත් පහසු දෙයක්. ඒත් හැමෝටම එහෙම පුරුද්දක් නෑනේ. මං අද කියන්න යන්නේ එහෙම ටයිප් කරන්න අමාරු අයට ඉතාමත් පහසුවෙන් ටයිප් කරන්න පුලුවන්. Software එකක් ගැන. ඔයා ෆෝන් එකෙන් මැසේජ් ගහනවා වගේ හරි ලේසි දෙයක්. මේක ගැන බොහෝ දෙනෙක් දැනටමත් දන්නවා. ඒත් නොදන්න කෙනෙකුට දැනගන්න එක්ක තමා මේ ලිපිය දැම්මේ. මොකද ගොඩක් දෙනෙක් මගෙන් මේ ගැන නිතර අහන නිසා.
  මේක සින්ග්ලිශ් එකක් මෙම Software එකේ නම පැන්සල නැතහොත් The Pencil වේ. ඒත් ගොඩක් අය සින්ග්ලිශ් Software පාවිච්චි කරලා ඇති. ඒත් මේක අනික් ඒවා වගේ ටයිප් කරලා තමන්ට ඕනෙ තැනට පේස්ට් කරන්නේ නැතුව කෙලින්ම අපිට ඕන තැනම ටයිප් කරන්න පුළුවන්. ඒක නිසා වැඩ කරන්න ගොඩක් පහසුයි. මෙම Software එක හදලා තියන්නේ Serandibsoft එකෙන්. එයාලගෙ තව Software වර්ග තියනවා. ඔය ලින්ක් එකෙන් ගිහින් බලා ගන්න.
පහතින් Software එක Download කරගන්න.
මෙතෛනින් ගන්න.
                                                                                Download Click කර තප්පර 5 පසු   SKIP AD Click   කරන්න
ඔබ භාවිතා කරන මෙහෙයුම් පද්ධතියට අදාල එකක් තෝරා Download කරගන්න. පසුව පහත රූපයේ  මේ කොටස සම්පූර්ණ කර Submit & Download Click කරන්න. 
දැන් Install කරගන්න. ඔබට පහත පරිදි අයිකන් එකක් පෙනේවී 
මේකෙ Unicode mode හා office mode කියල මොඩ් දෙකකුත් තියෙනවා. මොඩ් මාරුකරගැනීමට ඔය කොලපාට UNICODE Click කරන්න. දැන් පහත පරිදි දිස්වේ.
Office Mode එක අප යොදා ගන්නේ MS Office ,Adobe photoshop,After effects,Open Office, ආදී බොහෝ Software සඳහා සිංහල Type කිරීමටය.Office Mode එකෙන් type කර පසුව ඔබට කැමති Font එකක් තෝරා දිය හැක.
UNICODE Mode: බ්ලොග් ලිවීම, Face Book වල Comments දැමීම සහ අනිකුත් නොයෙක් දේවල් සදහා UNICODE Mode භාවිතා කල හැක.
ඔබට ඕනෑම අවස්ථාවක Ctrl+Space කී එකවර Click කිරීමෙන් මෙම Software එකෙන් ඉවත් වීමටත් නැවතත් සක්ක්‍රිය කිරීමටත් පුළුවන්.

මෙය භාවිතා කිරිම සඳහා සියළුම උපදෙස් Software එක උඩ Right Click කිරීමෙන් එන Menu එකේ ඇති Help වලින් බලාගැනීමට පුළුවන්.


Windows xp තියෙන අයට .net freamwork එක දැමීමට අවශ්‍ය වේ . මුලින්ම windows Installer එක install කිරීමට අවශ්‍ය වේ . මෙම ලින්ක් එක භාවිතයෙන් Download කර ගන්න. ඊට පස්සෙ .net freamwork එක install කරන්න. මෙම ලින්ක් එකෙන් Download කර ගන්න.




ස්තුතියි..!











back to top